ලෝකෙම ලොක්කා පොඩ්ඩිට හමුවෙයි

 02/07/2018 - 11:13
53 reads

ලෝකයේම ලොක්කා ලෙස නම් කර ඇති සුල්තාන් කොසේන් පසුගිය 30 වැනිදා ලෝකයේම පොඩ්ඩා හැටියට සැලකෙන ජෝටි ඇම්ජේ මුණගැසී තිබෙනවා.

අඩි 8 යි අඟල් 3 ක් උසැති සුල්තාන් ළඟ සිටගත් විට යාන්තම් අඩි 2 යි අඟල් 6 ක් උසැති ජෝටි පෙනෙන්නේ අඹ ඇටයක් තරමටයි.

ඉන්දියානු ජාතික ජෝටි යාන්තම් රාත්තල් 11 ක් බර 24 හැවිරිදි නිළියකි.

ලෝකය පුරා යන්නට ඇයට සිදුව ඇත්තේ කාගේ හෝ කර මතින්  වන්නේ.

ඊජිප්තු සංචාරක මණ්ඩලය මේ දෙදෙනාම ඊජිප්තුවේ මහා පිරමීඩය අසලට ගෙන්වන්නට කටයුතු කර තිබුණා.

ඒ ඊජිප්තු සංචාරක ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් ලබාගැනීමටයි.

එම අවස්ථාවේ ගත් ඡායාරෑපය අන්තර්ජාලය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවලින් ඉහළ ප්‍රචාරයක් ලබාගෙන තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news