ප්‍රිටි උපන්දිනය ගෙදරදී සමරයි

 02/07/2018 - 09:57
92 reads

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ප්‍රිටි සින්ටා පසුගිය ජනවාරි 31 වැනිදා සිය 43 වැනි උපන්දිනය සමරා තිබෙනවා.

ඒ සිය මුම්බායිහි පිහිටි නිවසේදීයි.

මේ සඳහා ප්‍රිටිගේ සමිපතම මිතුරන් කිහිප දෙනෙකු පැමිණ සිටි අතර, කාර්යබහුල සල්මාන් ඛාන්ද ඒ අතර සිටිම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, ප්‍රිටිගේ මෙම උපන්දින සාදයට සල්මාන් සමග ඔහුගේ පෙම්වතියැයි හඳුන්වන රුමෙනියානු ජාතික ලූලියා වැන්තර්ද එක්ව සිටිම කැපී පෙනුණ සිදුවිමක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

බොබ් ඩියොල්, සොනක්ෂි සින්හාද ප්‍රිතිගේ උපන්දිනයට පැමිණි සිටි සිනමා තරු අතර වනවා.

මේ වනවිට සිනමා රංගනයෙන් ඉවත්ව සිටින ප්‍රිති සින්ටා ජනප්‍රිය ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ තරගාවලියේ ‘කිංග්ස් ඉලෙවන් පන්ජාබ්’ කණ්ඩායමේ සම හිමිකාරිණියක් ලෙස කටයුතු කරනවා.

news24.lk
News24
sri lanka news 24
24 news