අපූරු වෙරළ මූර්ති ශිල්පියකු වූ වැල්ලේ රජු

 02/06/2018 - 05:17
55 reads

වෙරළේ වැලි මාළිගා හදන්නේ එහි සෙල්ලම් කිරීමට යන - එන ළමුන් විසින බවයි අප ඔනෑ කෙනෙකු අසා සහ දැක ඇත්තේ.

නමුත් එවැනි වැලි මාළිගා තනන්නෙක් පමණක් නොව ඒවායේ ජීවත්වෙන අපූරු මිනිසෙක් පිළිබඳව බ්‍රසීලයේ රියෝ ඩි ජනෙයිරෝ අගනුවරින් වාර්තා වනවා.

ඔහු නමින් 'මාර්සියෝ' යි. මාර්සියෝ පුරා අවුරුදු 22 ක්ම තමන්ම නිර්මාණය කරගත් වැලිමාළිගාවන්හි ජීවත් වන බවයි වාර්තා වන්නේ.

එක් වැලි මාළිගාවක් කඩාගෙන වැටුනොත් මාර්සියෝ තවත් වැලි මාළිගාවක් තනාගන්නා බව සඳහන්.

"මගේ මාළිගාවක් කඩාගෙන වැටුනොත් මම තවත් තැනකට යනවා. ගිහින් එතැන තවත් මාළිගාවක් හදා ගන්නවා" වැලි මාළිගාවේ රජු පවසන්නේ එවැන්නක්.

"මම මේ තාවකාලික ජීවන රටාවට හරිම කැමතියි. මොකද සමහරුන්ට ඔවුන්ගේ නිවාස වගේ මෙය මගේ ජීවිතයට බරක් නොවෙන නිසා"  බවයි ඔහු කියා සිටින්නේ.

සැහැල්ලු ජීවිතයක් අගය කරන මාර්සියෝ ගේ මාළිගාව පිහිටා තිබෙන්නේ රියෝ ඩි ජනෙයිරෝ අගනුවර පොහොසතුන් ජීවත් වෙන කලාපයකයි.

එය මාළිගාවක් නොවුනත් ඔහුට අවශ්‍ය සියලු දේවල් එහි දක්නට ලැබෙනවා.

"වැඩිපුර වහිනවාට, ඒ වගේම ස්වභාව ධර්මය විසින් සිදු කරනු ලබන බලපෑම්වලට මම කැමති නැහැ" මාර්සියෝ පවසයි.

"මහල් නිවසක් තියෙන කෙනෙක් බොහොම සතුටින් ඉන්න බවක් පිටින් පේනවා. නමුත් එතැනත් හිදැසක් තියෙන බව මම හිතනවා" වැලිමාළිගා නිවැසියා පෙන්වා දෙයි.

තමා මේ ජීවන රටාව තෝරා ගත්තේ වෙරළේ මූර්ති ශිල්පියකු වීම නිසා බවත් ඔහු කියා සිටියි.

ඔහු තම ගොඩනැගිලි ඉදිකිරීම් කලාව ඔස්කා නීමයාර් සහ ගව්ඩිගේ ඉදිකිරීම් සමඟ සංසන්දනය කරයි.

"ඡායාරූපයක් ගෙන ආධාරයක් කරන්න" ඔහු තමා හමුවට එන පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

මාර්සියෝ තමාට ලැබෙන ආධාර වලින් මුදල් උපයන අතරම පොත්පත් හුවමාරුවක් ද පවත්වා ගෙන යනවා.

 
ඩේලි⁣මේල් - තිළිණි ද සිල්වා

 

news24.lk
News24
sri lanka news 24
24 news