බිපාෂාගේ සරල උපන්දින සැමරුම

 01/14/2018 - 12:45
96 reads

මේ වන විට නිහඬව සිටින ජනප්‍රිය සරාගී බොලිවුඩ් නිළියක් තමයි බිපාෂා බාසු.

ඇය විවාහයෙන් පසුව රඟපෑම් කටයුතු සඳහා තාවකාලිකව සමු දී තිබෙනවා.

රංගන කටයුතුවලට පමණක් නොව, ඇය මාධ්‍ය ජීවිතයටද තාවකාලිකව සමුදුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් පසුගියදා සිදු වූ සිදුවීමක් හේතුවෙන් ඇය නැවතත් පුවත් මැවෙන්න පටන් අරගෙන තිබෙනවා.

ඒ ඇයගේ සරල උපන්දින සැමරුම නිසයි.

බොහෝ විට බිපාෂා සිය උපන්දින සැමරුම් මහත් ඉහළින් ගත් තැනැත්තියක් ලෙසයි ප්‍රසිද්ධ වූයේ.

නමුත් මෙවර ඇය උපන්දින සාදය නිහඬව සමරා ඇති අතර ඒ සිය සැමියා සමගයි.

එම අවස්ථාවේ ජායාරූප ඇයගේ සැමියා විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කිරීමත් සමග බොහෝ දෙනාගේ අවධානය එයට යොමුව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news