ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට මානසික ආබාධ ?

 01/10/2018 - 14:52
134 reads

තමාට මානසික ආබාධ නැති බවත් ජනපති ධුරය දැරීමට හැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර  තිබෙනවා.

මෙයට හේතුවී ඇත්තේ ට්‍රම්ප්ට මානසික ආබාධ ඇති බවට ග්‍රන්ථයකින් අනාවරණය කිරීමයි.
 
 මෙම ග්‍රන්ථයේ රචකයා මයිකල් වුල්ප් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
ට්‍රම්ප්ට රාජ්‍ය පාලනය පිළිබඳ තීන්දු ගැනීමේ දුෂ්කරතා ඇති බව එම ග්‍රන්ථයේ වැඩිදුරටත් දක්‌වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
ට්‍රම්ප් සම්බන්ධව හිටපු ජනාධිපති බරක්‌ ඔබාමා ද පැවසුවේ ට්‍රම්ප් ජනපති ධුරයට සුදුසු තත්ත්වයක නොසිටින බවයි.

මේ අතර එම ග්‍රන්ථයට එරෙහිව නඩු පැවරීමට ට්‍රම්ප් සැලසුම් කර ඇතැයි ද සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news