දරුණු කාලගුණ තත්වයක් යටතේ එවරස්ට් තරණය කළ ලාංකීය කණ්ඩායම මෙන්න

 01/08/2018 - 12:43
54 reads

දරුණු කාලගුණ තත්වයක් යටතේ 'එවරස්ට් කන්ද' තරණය කිරීමට Java Institute PCJT Software Engineering කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසයේ පවතින  දරුණු කාලගුණ තත්වයක් යටතේ එවරස්ට් ගවේෂණය මෙතෙක් කිසිදු විශ්ව විද්‍යාලයක් සිදුකර නොමැති බව ද වාර්තාවනවා.

ඔවුන් 2017 ජනවාරි 10 දින ලංකාවට පැමිනීමට නියමිතයි.

ඒ සඳහා ඔවුන්ට සැලසුම් කල දිනට වඩා දින 10ක් මේ සදහා වැයවී ඇති අතර ඔවුන්ට ඇති දරුණුතම අභියෝගය වී ඇත්තේ "Altitude Sickness" ය.

එය උන්නතංශ වෙනස නිසා ද අඩු ඔක්සිජන් මට්ටම නිසාද ඇතිවන බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔවුන් සිටින ප්‍රදේශය තුල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ( -16) ත් සෘණ(- 20) ත් අතර අගයක් ගන්නා අතර ඔක්සිජන් මට්ටම මුහුදු මට්ටමේ ඔක්සිජන් ප්‍රමාණයෙන් 35% - 40% ප්‍රමාණය දක්වා අඩුවී ඇතැයි වාර්තා වෙයි.

Isalnd Peak තරණයේදී රාත්‍රී කාලයේදී හිම කුණාටුවකට මුහුණදීමට ඔවුන්ට සිදුවී ඇති අතර මේ වන විට ඔවුන් පහත සදහන් කදු මුදුන් සාර්ථකව තරණය කර ඇත.

1. Chhukung Ri (උස මීටර් 5550 )
2. Island Peak Base Camp (උස මීටර් 5600 )
3. Island Peak (උස මීටර් 6189 )
4. Gorak Shep(උස මීටර් 5140 )
5. Everest Base Camp (උස මීටර් 5364 )
6. Kalaphathar (උස මීටර් 5550 )
7. Cholar Pass (උස මීටර් 5368 )

news24.lk
News24
sri lanka news 24
24 news