පිළිකා රෝගීන් වෙනුවෙන් හිස මුඩු කළ උදාරි

 01/08/2018 - 10:40
98 reads

රංගන ශිල්පී උදාරි පෙරේරා හිසු මුඩු කළ ඡායාරූප පෙළක් නිසා සමාජජාල ඔස්සේ කතා බහකට ලක් වෙලා තිබෙනවා.

බොහෝ දෙනා මේ ගැන විවිධ මත පළ කරනවා.

උදාරී නම් ඒ ගැන කියන්නේ මෙය සිදු කිරීමට හේතුව පිළිකා නිසා කෙස් ඉවත් වීම නිසා සමාජයෙන් කොන් වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගින්ගෙ මානසික මට්ටම ශක්තිමත් කිරීම උදෙසා බවයි.

එනම් ලංකාවෙ නිළියක් ලෙස තමාටද කෙස් නොමැතිව සමාජයෙ ජීවත් විය හැකි නම් පිළිකා රෝගින්ද තමන්ගෙ කෙස් ඉවත් වීම ගැන මානසික සිත් තැවුලකට පත් විය යුතු නැති අතර සමාජයෙන් කොන් වේ යැයි මතයක සිටිනවානම් එයද හිතෙන් ඉවත් කරගන්න ලෙසද මෙයින් මතක් කරන බවත් ඇය පවසනවා.

නමුත් ඇය මෙසේ සිදුකර ඇත්තේ මියුසික් වීඩියෝවකට පෙනී සිටීම සඳහා බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news