සංගක්කාර බිරියට දුන් ලක්ෂ 38ක් වටිනා අතුරුපස

 01/04/2018 - 10:05
511 reads

නුවරඑළියේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් පිළිගන්වා තිබෙනවා.  

මෙම ප්‍රවර්ධන වැඩසටහන නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එහි සූපවේදී විරාජ් ජයරත්න 'මැරී මී' (Marry Me) නමැති මෙම වටිනා අතුරු පස සකස් කළ බව සඳහන්.

ඊයේ (03) පෙරවරුවේ උත්සවාකාරයෙන් කුමාර් සංගක්කාර මහතාට එම අතුරුපස පිළිගැන්වූ පසු ඔහු සිය බිරියට අතුරුපසේ රස පෙන්වන්නට උත්සාහ කළ මොහොත ඡායාරූපයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිකර ගැනීම අරමුණින් මෙය පිළියෙළ කර ඇති අතර අතුරුපස සකස් කිරීමට විදේශීය රටවලින් ද අමුද්‍රව්‍ය ආනයන කළ බව සඳහන් වනවා.

අතුරුපස භාජනයෙහි කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණික් ගලක්ද තැන්පත්කොට තිබුණ බවත් සඳහන්.

වසර 25 ක් පමණ ආහාර පිළියෙල කිරීමේ අත්දකීම් ඇති සූපවේදී විරාජ් ජයරත්න, සූපවේදී කලාව තුළින් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30 ක් පමණ හිමිකරගෙන ඇති අයෙක්.

ලක්ෂ 38 ක් වටිනා අතුරුපස එළිදැක්වූ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග  ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව සිට ඇති අතර අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා ඇතැයි ද සඳහන්.
 

news24.lk
News24
sri lanka news 24
24 news