සනත් ජයසූරිය සැත්කමක් සඳහා ඕස්ට්‍රේලියාවට

 01/03/2018 - 14:39
296 reads

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සලකුණක් සේ සැලකෙන සනත් ජයසූරිය දරුණු දණහිසේ ආබාධයකින් පීඩා විඳින බව වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට 48 වියේ පසුවන  සනත්ට සැත්කමකට මුහුණදීමට නියමව ඇතැයි සඳහන්.

මේ වන විට ඔහුට තනිව ඇවිදගන්න බැරි තැනට පත්වී ඇති අතර ඒ වෙනුවෙන් ඔහු මසක පමණ කාලයක් අදාළ සැත්කම වෙනුවෙන් ගතකරන බවද වාර්තා වනවා.

ඔහුගේ එම සැත්කම ඕස්ට්‍රේලියාවේ දී සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news