''විවාහය ගැන උත්තර දෙන්න මම කැමති නෑ ''

 12/17/2017 - 16:49
475 reads

රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන මහේෂි මදුසංකා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් තැනැත්තියක්.

කාලයෙන් කාලයට පුවත් මවන රංගන ශිල්පිණියන් අතර මහේෂි ගැනත් ඉද හිට කතා ඇතිවෙනවා.

මේ වන විට චිත්‍රපට 03කට දායකත්වය ලබා දී තිබෙන ඇය ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් දන්නා හඳුනන චරිතයක්.

වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඕමාන් රටේ පදිංචියට යෑම නිසා එහිදී හඳුනාගත් පිරිසක් නිසා රඟපාන්න තමන්ට අවස්ථාව ලැබුණු බව කියන්නේ සතිඅන්ත පුවත්පත් සාකච්ජාවකට එක්වෙමිනුයි.

ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ අම්මා සමඟ ගමන් බිමන් ගිය ඇය දැන් හැමදේකටම යන්නේ තනියෙන් බවයි පවසන්නේ.

එයට හේතුව ඕනෑම අයෙකු යම් අඩිතාලමක් දමාගන්නා තුරු වැඩිහිටියෙක් තමන් ලඟින් සිටිය යුතු බවත් කියනවා.

පසුගිය කාලයේ ව්‍යාපාරිකයෙකු වන පසන් සමඟින් විවාහ ගිවිසගත් මහේෂි ඒ ගැන නම් කතා කරන්නට කමැති නැහැ කියලයි කියන්නේ.

නමුත් ඇයගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ ජායාරූප අන්තර්ජාලයට මුදාහැරීම නිසා බොහෝ දෙනාගේ අවධානය ද ඒ කෙරෙහි යොමුව තිබූ බව නම් නොරහසක්.

සරලවම තමන් සංවේදී කෙනෙක් බව හඳුන්වා දෙන මහේෂි ප්‍රේක්ෂක ආදරය ගැනත් මතක් කරන්නට අමතක කර නැහැ.

news24.lk
News24
sri lanka news 24
24 news