නළුවෙක් සැමියා කරගන්න අකැමැති අයිෂාරා යුගදිවියට

 12/17/2017 - 11:46
213 reads

කලා ක්ෂේත්‍රයට තරමක් අළුත් නමක් තමයි අයිශාරා අතුකෝරාල.

පැණි මකුළුවෝ සිනමා පටය හරහා සිනමාවට පිවිසි අයිශාරා ලාංකීය සිනමාවේ උසම නිළිය ලෙසත් හඳුන්වනවා.

ඉතින් මේ උසම නිළිය ඊයේ (16) දිනයේ විවාහ දිවියට ඇතුළත් වී තිබෙනවා.

ඇය විවාහ වී ඇත්තේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙකු සමඟ නොවන බවයි වාර්තා වන්නේ.

මීට පෙර පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා ඇත්තේ, නළුවෙක් සැමියෙක් කරගන්න තමන් කොහොමත් කැමති නැති බවයි.

තව දුරටත් ඇය කියා ඇත්තේ, කලා ක්ෂේත්‍රයේ මිතුරියෝ තියාගැනීම තරම් බොරුවක් තවත් නැති බවයි.

''මම ඒ බොරුව කරන්නේ නැහැ.'' යනුවෙන් ඇය පවසා තිබෙනවා.

 

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news