හැරී කුමරුගේ විවාහයට දින නියම වෙයි

 12/16/2017 - 13:49
55 reads

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ සහ ඔහුගේ පෙම්වතිය වන මෙගන් මාකල්ගේ විවාහයට දින නියම වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම විවාහය 2018 වසරේ මැයි 19 වන සෙනසුරාදා දින පැවැත්වෙන බවට කෙන්සිංටන් මන්දිරය නිවේදනය කර ඇති බවයි.

කෙසේවෙතත් රාජකීය විවාහ මංගල්‍යයන් සාමාන්‍යයෙන් සතියේ දිනවල පමණක් පවත්වන නමුත් හැරී කුමරුගේ විවාහය සෙනසුරාදා දිනට යෙදී තිබීම විශේෂත්වයක්.

ඊට හේතු වී ඇත්තේ මංගල්‍ය පැවැත්වෙන දිනයේ දී බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනයේ අවසන් මහා තරඟය පැවැත්වීමයි.

එහි සභාපතිවරයා ලෙස විලියම් කුමරු එම අවසන් මහා තරඟයට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ පාපන්දු අවසන් මහා තරඟය සහ හැරී කුමරුගේ විවාහය එකම දිනක දී පැවැත්වීමෙන් මිලියන ගණනක ජනතාවට බලපෑම් එල්ල වන බවයි.

මේ අතර එදින විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ සාමාජිකයන් අතර පස්වෙනි ස්ථානයේ සිටින හැරී කුමරු සහ අමෙරිකාවේ නිළියක වන මෙගන් මාකල් අතර ප්‍රේමය 2016 වසරේ ජූලි මාසයේ ඇරඹි අතර ඔවුන් දෙදෙනා නොවැම්බර් මස විවාහ ගිවිස ගනු ලැබුවා.

විවාහවීමෙන් අනතුරුව ඔවුන් දෙපළ ලන්ඩනයේ පිහිටි කෙන්සිංටන් මාලිගයට අයත් නොටිංහැම් කොටේජ් මාලිගයේ ජීවත්වීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Prince Harry
Meghan Markle