සුපිරි ක්‍රීඩකයෙක් අනියම් ඇසුරක

 12/15/2017 - 16:56
263 reads

මේ දිනවල පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තුන්වන තරගයට පෙර ඔස්ට්‍රේලියාවේ පර්ත් හිදි ඔස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන නේදන් ලයන් සිය අනියම් පෙම්වතිය සිප ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ මේ වන විට පැතිරෙමින් තිබෙනවා.

නේදන් විසින් එමා නැමැති මෙම සුරූපී තරුණිය සමග BMW වර්ගයේ සුපිරි මෝටර් රථයක නැගී සිප ගන්නා ඡායාරූප පෙළකුයි විදෙස් මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් කර  ඇත්තේ.

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන නේදන් ලයන් සහ සිය පෙම්වතිය පිළිබඳ වාර්තා වූ මේ පුවත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ බිරිඳටද දන්වා තිබෙනවා.

ලයන්ගේ බිරිඳ පවසන්නේ තමන්ට  සහ තමන්ගේ පවුලට මේ නිසා යම් බලපෑමක් එල්ල වුවහොත් අධිකරණයට යාමට බලාපොරොත්තු වන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news