කෝලි - අනුෂ්කා විවාහය ඉතාලියේදී

 12/07/2017 - 13:00
172 reads

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ සහ බොලිවුඩ් රංගන ශිල්පිනි අනුෂ්කා ෂර්මාගේ මංගල්‍ය එළඹෙන දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විවාහ උත්සවය ඉතාලියේ මිලානෝ හිදි ලබන 9 වැනිදා ආරම්භ වී 12 වැනිදා උත්සවය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම මෙය පෞද්ගලික කටයුත්තක් බැවින් කිසිදු ක්‍රීඩකයෙකුට ආරාධනා කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලියට ඉන්දීය නායක විරාත් කෝලි සහභාගී නොවෙන බව ප්‍රකාශ කිරීමත් සමග පසුගියදා බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කියා සිටියේ කෝලි විවාහයට සූදානම් වන නිසා විවේක ගන්නා බවයි.

කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ කෝලි පවසා ඇත්තේ තමන්ට විවේකය අවශ්‍ය නිසා මෙලෙස විවේක ගත් බවයි.

මේ අතර අනුෂ්කා ෂර්මා ද මාධ්‍ය හමුවේ පවසා තිබෙන්නේ  මෙය අසත්‍ය ප්‍රචාරයක් ලෙසයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ කෝලි මෙසේ විවේකය ලබා ගන්නේ තමන්ගේ විවාහ උත්සවය සඳහා බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news