සනත්ගේ අලුත්ම පෙම්වතිය ධනවත් කාන්තාවක් වන සබීනා

 12/07/2017 - 09:34
593 reads

ලෝකයට ලංකාවේ නම ගෙන ගිය සනත් ජයසූරිය කියන්නේ ක්‍රිකට් වලට් ආදරය කරන ඕනෑම කෙනෙක්ට හුරු පුරුදු  
නමක්.

“මාස්ටර් බ්ලාස්ටර්” නමින් හඳුන්වන ඔහු අැල් මැරුණ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේගකාරී පිතිකරණය හදුන්වලා දුන් අයෙක්.

එ් දවස්වල සනත්ගේ පිටිය මැද ගිනි කෙළි සංදර්ශන බලන්න රටවල් බේදයකින් තොරවම ක්‍රිකට් ලෝලීන් පොර කෑවා.
 
ලංකාවේ නමට වඩා සනත්ගේ නම ලෝකය පුරා ප්‍රසිද්ධ වීමත් සමඟ සනත් ජයසූරියගේ රට කියලා ලංකාව හඳුන්වපු කාලයකුත් නොතිබුණා නොවේ.

ක්‍රිකට් වලින් සමුගත් සනත් කාලයක් ක්‍රිකට් පරිපාලනයටත් සම්බන්ධව සිටියේ හිටපු තේරීම් කමිටු සභාපති ලෙසයි.

එමෙන්ම දේශපාලනයටද යොමුව සිටි සනත් ජයසූරියට ක්‍රිකට් වලින් ලෝකය ජයගත් නමුත් අාදරයෙන් නම් දිනන්න බැරි වුණා.

එමෙන්ම ඔහුට කිහිපසැරයක්ම විවාහ වෙන්නත් සිදුවුණා.

විවිධ තරුණියන් සමඟ පෙමින් බැදුන සනත්ගේ අලුත්ම පෙම්වතිය ගැන තොරතුරු හෙළි වෙලා තියෙනවා.

අැය මාලදිවයින් ජාතික සබීනා මනික්කු කියන තරුණියක් වන අතර මාලදිවයිනේ අැය බොහොම ජනප්‍රිය චරිතයක් බවයි වාර්තා වන්නේ.

අැයගේ පියා මාලදිවයිනේ මුල් පෙලේ ව්‍යාපාරිකයෙක්.

සබීනා ස්විස්ටර්ලන්තයේ අධ්‍යාපනය හදාරා ඇති අතර සනත් සමඟ පෙනී සිටි ජායාරූප ඇය සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ගණනාවක පළ කර තිබෙනු දක්නට ලැබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news