සනී ලියෝන් නිවාඩු යයි

 12/06/2017 - 16:09
172 reads

මාස 21ක කාලයක් කළා කටයුතු වලින් ඉවත් වීමට ඉන්දීය සිනමා නිළි සනී ලියොන් තීරණය කර තිබෙනවා.

ඒ සිය දියණිය නීෂා වෙබර් පෙර පාසල් අධ්‍යාපනයට සුදානම් කිරීමට බවයි ඇය කියා ඇත්තේ.

නීෂා එළඹෙන වසරේ සිට පෙරපාසල්  සුදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා  කරන්නේ.

පසුගිය කාලයේ බොලිවුඩ් චිත්‍රපට වල 'අයිටම්' ගීත සඳහා පමණක් සහභාගී වූ බව පවසන සනී ලියොන් කියා සිටින්නේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා දායක වී වැඩ කිරීමට තමාට දිගු කාලයක් වැය කරන්නට සිදුවීම නිසා මේ වන විටත් රංගනයෙන් ඈත්ව කටයුතු කරන බවයි.

නිල් චිත්‍රපට නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින සනී ඒවායෙන් ඉවත් වී මේ වන විට වසර 06ක්.

ඉන් අනතුරුව වාණිජ චිත්‍රපට වලට පමණක් දායක වී ඇති ඇය ඉන්දීය චිත්‍රපට 20කට වැඩි ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news