නැදුන්ගමුවේ රාජාට ඇබැද්දියක්

 12/06/2017 - 10:40
297 reads

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතිනවා.

ඒ මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත නිසයි.

එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා.

නමුත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගී වී නැහැ.

මේ සද්දන්තයා හදිසියේ කරදරයකට මුහුණ දී තිබෙනවා.

පසුගිය 02 වන දා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ, දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හරින්න නතරව තිබෙනවා.

එම ස්ථානයේ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කෑල්ලක් ගිලීම හේතුවෙන් රාජාගේ මුඛය තුවාල වී තිබෙනවා.

පසුව එයට අවශ්‍ය ප්‍රතිකාර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news