Facebook වෙතින් පොඩ්ඩන්ට අලුත් වැඩක්

 12/05/2017 - 17:13
44 reads

ෆේස්බුක් සමාජ ජාලය කාලයෙන් කාලයට වෙනස් දේ හඳුන්වා දීමට කටයුතු  කරනවා.

මෙවරත් ඔවුන් නවතම හඳුන්වා දීමක් සිදුකර ඇත්තේ  තමන්ගේ බාල වයස්කාර පාරිභෝගිකයන් වෙනුවෙනුයි.

ඒ අලුත් ඇප් එකක් හදුන්වා දීම ඔස්සේ.

මෙය වයස අවුරුදු 13ට වැඩි වැඩිහිටි පිරිස සදහා පමණක් නිර්මාණය කර ඇතත් පර්යේෂකයන් සදහන් කරන්නේ ෆේස්බුක් සමාජ ජාලය වයස අවුරුදු 13ට අඩු මිලියන 20කට අධික පිරිසක් භාවිත කරන බවයි.

ෆේස් බුක් විසින් හදුන්වා දුන් මෙම නව ඇප් එක භාවිත කිරීම සදහා බාල වයස්කරුවන් සිය වැඩිහිටියන්ගේ අවසර ලැබිය යුතු බවත් සඳහන්.

එහි දත්ත කිසි විටකත් වෙළද දැන්වීම් සදහා භාවිත නොකරන බවටත් ෆේස් බුත් සමාගම සදහන් කරනවා.

‘මැසෙන්ජර් කිඩ්ස්’ යන නමින් මෙම නව ඇප්ලිකේෂනය හදුන්වනු ලබනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news