කාන්තාවන්ට අපහාස කළාට නීතීඥවරයාට වැඩ වැරදුණු හැටි

 12/05/2017 - 13:04
51 reads

කාන්තාවන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊජිප්තු නීතීඥවරයෙකු හට වසර 03ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කර තිබෙනවා.

නබී අල් වාෂ් නැමැති අදාළ නීතීඥවරයා හට වසර තුනක සිර දඬුවමට අමතරව ඩොලර් 130ක දඩ මුදලක් ද නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊජිප්තුවේ ඉරුණු කලිසම් අදින කාන්තාවන් හට ලබාදෙන දඬුවමක් වශයෙන් ඔවුන්ව දූෂණය කළ යුතු බවට පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති රූපවාහිනී වැඩසටහනකදී අදාළ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කාන්තාවන් විසින් ශරීරය නිරාවරණය වන ලෙස කලිසම් හෝ වෙනත් ඇඳුම් ඇඳ මාර්ග වල ගමන් කිරීම සම්බන්ධයෙන් අදාළ නීතීඥවරයාගෙන් විමසා ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම කාන්තාවන්ව දූෂණය කරන ලෙසට තමන් ජනතාවට ආරාධනා කරන ලෙසයි.

news24.lk
News24
sri lanka news 24
24 news