දේදුන්නක් තියපු අළුත්ම වාර්තාව මෙන්න

 12/05/2017 - 11:43
129 reads

දේදුන්නක් තැබූ අපුරු වාර්තාවක් ගැන තොරතුරු වාර්තා වන්නේ තායිවානයෙන්.

ඒ අනුව පසුගිය දිනෙක තායිවානයේ, තායිපේ නුවර පැය 09ක් තිස්සේ පැහැදිලිව පායා තිබූ මෙම දේදුන්න වැඩිම වෙලාවක් මේ ආකාරයට දිස්වූ පළමු අවස්ථාව මෙය බවයි එරට කාලගුණ විද්‍යා නිලධාරීන් පවසන්නේ.

උදෑසන 7ට දිස්වන්නට ගත් එය සවස 4 වන තෙක් පැවති අතර ඉන්පසු සෙමෙන් බැස ගිය බවයි එරට වැසියෝ සඳහන් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි මීට පෙර වැඩිම වෙලාවක් දිස්වූ දේදුන්න වූයේ 1994 වසරේ එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් පළාතටයි.

දේදුන්නක් ඇති වන්නේ වාතයේ තෙතමනය  අංශු ඇති විට හිරු එළිය ඒ හරහා වැටීමෙනි.

 

news24.lk
News24
sri lanka news 24
24 news