ඉන්දීය සිනමා තරුවක් මෙලොවින් සමුගනී

 12/05/2017 - 10:54
51 reads

නළුවකු පමණක් නොව පසුකාලීනව සිනමා අධ්‍යක්ෂකවරයකු ද බවට පත් වූ ශෂී කපූර් මෙලොවින් සමුගෙන තිබෙනවා.

මිය යන විට ඔහු 79වැනි වියේ පසු වූ ශෂී 1938 මාර්තු 18වැනිදා උපත ලබා ඇති අතර මුම්බායි නුවර කෝකිලාබෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු වසර ගණනාවක් වකුගඩු රෝගයෙන් පීඩාවිදිමින් සිට තිබෙනවා.

ඔහු 70 සහ 80 දශකයේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

‘දීවාර්’, ‘කබීකබී’ යනු ශෂී කපූර්ගේ සදා අමරණීය සිනමා නිර්මාණ අතර වනවා.

ඔහුගේ පවුලේ අය පවසන්නේ ශෂී කපූර් පසුගිය දිනවල අයහපත් සෞඛ්‍ය හේතුවෙන් රෝහල් ගතව සිටි බවයි.

ශෂී කපූර් ද දශක ගණනාවක් තිස්සේ බොලිවුඩයේ ආධිපත්‍ය පතුරුවන සුපිරි කපූර් පවුලේ සාමාජිකයෙක්.

සිනමා සම්මාන රැසක් හිමි කර ගත් ශෂී කපූර්, 2011 වසරේ දී පද්ම ඉන්දීය රජය පිරිනමන භූෂන් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබුවෙක්.

ශෂී කපූර් ළමා නළුවකු ලෙසින් බොලිවුඩයට එක් ව ඇති අතර ඉන්පසු ඔහු චිත්‍රපටය 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

ශෂී කපූර්  වී ඇති විදෙස් චිත්‍රපට අතරින් ‘හීට් ඇන්ඞ් ඩස්ට්’ චිත්‍රපටය කැපී පෙනෙනජ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

NDTV

news24.lk
News24
sri lanka news 24
24 news