සප්තකන්‍යාවිය මගීන් 191ක් මරු තුරුලට යවා වසර 43යි

 12/04/2017 - 11:53
95 reads

මගීන් 191 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණූතම ගුවන් යානා අනතුර සිදු වී අදට වසර 43ක් සපිරෙනවා.

ඉන්දුනීසියාවේ සුරඹයා ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කර මක්කම දක්වා පියාසර කරමින් තිබිය දී යානය අනතුරට ලක්වුණේ සමනළ කඳු වැටිය පාමුල පිහිටි සප්තකන්‍යා කඳු ප්‍රදේශයේ දීයි.

මධ්‍යම රාත්‍රියට ආසන්නව සිදු වූ මෙම අනතුරත් සමඟ බොහෝ ජනතාව භීතියට පත් වු අතර කඳු වැටියේ කොටසකන් ගිනි ගන්නා බවට ඔවුන් මත පළ කර තිබුණා.

යානයේ මගීන් 182 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 09 දෙනෙකු යානයේ ගමන් කළ අතර ඔවුන් සියලු දෙනාම අනතුරින් මිය ගියා.

මෙම යානය මක්කම දක්වා යාමට පෙර කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට සැලසුම් කර තිබු බව ද සඳහන්.

මගීන්ගේ සිරුරු ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍රවලට අනුව සප්තකන්‍යා කඳු වැටිය පාමුල මිහිදන් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

ගුවන් යානයේ ගමන් කළ ගුවන් සේවිකාවකගේ මළ සිරුරක්  ඇගේ පෙම්වතා විසින් ඕලන්දයට රැගෙන යාම ද විශේෂත්වයක්.

news24.lk
News24
sri lanka news 24
24 news