දිවි නසා ගන්න අය පෙර සිටම හඳුනාගන්න Facebook අළුත්ම මෙහෙයුම මෙන්න

 12/04/2017 - 11:19
48 reads

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සියදිවි හානිකර ගැනීමට උත්සහ කරන ෆේස්බුක් සාමාජිකයින් හඳුනා ගැනීමට පියවර ගන්නා බව පසුගියදා ෆේස්බුක් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Pattern Recognition තාක්ෂණය යොදාගනිමින් වෙබ් අඩවිය තුල පළකරනු ලබන ඡායාරූප, අදහස් සහ සජීවි වීඩියෝ දර්ශන මඟින් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අධ්‍යයනය කර මෙම සාමාජිකයින් හඳුනාගනීමටයි ඔවුන් කටයුතු කරන්නේ.

එවැනි සාමාජිකයින් හඳුනාගත හැකි මෘදුකාංගයක් තම ආයතනය සතුව පවතින බවත් මෘදුකාංගය හරහා අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර අනතුරු ඇඟවීමේ ස්වභාවය මත පුහුණුව ලත් උපදේශකයින්ට ක්‍රියාත්මක වී අදාල ආයතනයන්ට හැකි ඉක්මණින් දැණුම් දිය හැකි බව ෆේස්බුක් සමාගම පවසනවා.

දත්ත ප්‍රවාහයක් (Data Stream) තුල ඇති රටාවන් හඳුනාගැනීම සඳහා Pattern Recognition තාක්ෂණය යොදාගනු ලබනවා.

මේ සඳහා විශේෂිත වු Pattern Recognition Algorithms  භාවිතා කරනු ලබන අතර වෛද්‍ය පරියේෂණ කටයුතු, ආරක්ෂක කටයුතු, Bigdata සහ Cloud Computing වල වැදගත් අංගයක් ලෙස Pattern Recognition Algorithms හඳුන්වා දෙන්නට පුළුවන් බවයි ඔවුන් කියා සිටින්නේ.

GDN Online

 

news24.lk
News24
sri lanka news 24
24 news