කොටට අඳින්න බය නැති ෂෙරිල් හොරෙන් කරන දේ ගැන කියන කතාව

 12/04/2017 - 09:33
219 reads

ෂෙරිල් ඩෙකර් කියන්නේ නර්තනයට වගේම රංගනයෙන් දක්ෂතා දක්වන  ශිල්පිණියක්. කාලයක් නිහඬව ඉදපු ෂෙරිල් ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයක් ගත වූවත් මේ වන විට දායක වෙලා තියෙන්නේ නාට්‍ය පහක් වැනි සුළු ප්‍රමාණයකටයි. ඒකට හේතුව වගේම ෂෙරිල් කොටට අඳින එක ගැනත්  තියෙනවා.
 
''සල්ලි කියන දේ ජීවිතේට ඕනේ. ඒත් අවශ්‍ය ප්‍රමාණයට සල්ලි තිබුණම ඇති. දුක් විඳගෙන මනුස්සකම අමතක කරලා සල්ලි හොයන්න මට උවමනාවක් නැහැ. ඉස්සර වගේම අදටත් මට රසික ආදරය තියෙනවා. මාව දකින්නේ නෑ කියලා ඒ අයට මාව අමතක වෙන්නේ නැහැ. කවදාවත් රුවන් මට කලාවෙදි වාරණ දාන්නේ නැහැ.''

කොටට අඳින එක ගැන ෂෙරිල් අදහස් දක්වලා තියෙන්නේ මේ විදියටයි.

''සමහර මිනිස්සු මානසික ලෙඩ්ඩු වගේ කොටට ඇන්දත් වැරදි පේනවා.මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒත් සමහර මිනිස්සු හරි මෝඩයි. ඒ ගැන මම ලජ්ජා වෙනවා. මම නම් කොටට අදින්න බය වෙන්නේ නැහැ. ඒ වගේ නිර්මාණයක් ලැබුණොත් හොද නම් වෙනසක් තියෙනවා නම් මම හිතලා බලලා තීරණයක් ගන්නවා.''

මියුසික් වීඩියෝවකට අඩනිරුවත් වෙන්න හෝ අසැබි දර්ශනයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවද කියන දේට ෂෙරිල් අදහස් දක්වලා තියෙන්නේ මෙලෙසින්.

''එහෙම නිර්මාණ බිහිවෙනවා. ඒ නිර්මාණ වල ඉන්න නිළියන්ට බණින එක වැරදියි. ඒ අයට හොද නිසානේ සම්බන්ධ වෙන්නේ. ඒක රගපෑමක් විතරයි. අනික පිටරටවල්වල යන නිර්මාණ ඕන තරම් තියෙන්නේ.අපේ රටේ සංස්කෘතිය කියලා සමහර අය හොරෙන් කරන දේවල් කොච්චර තියෙනවාද?''

news24.lk
News24
sri lanka news 24
24 news