බිරිය රට ගියේ අසත්‍ය ලියවිල්ලකින් - හමුදා සැමියාගෙන් පොලීසියට පැමිණිල්ලක්

 12/03/2017 - 16:34
90 reads

ස්වාමියා සිය බිරිඳ සමඟ ජීවත්ව සිටිය දී, ඇය ස්වාමියාගෙන් වෙන්ව මාස 02ක් ගතවී ඇතැයි සඳහන් කරමින් ලබාදුන් ග්‍රාම නිලධාරී වාර්තාවක් සම්බන්ධව පුවතක් වාර්තා වන්නේ මැදිරිගිරිය ප්‍රදේශයෙන්.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ මැදිරිගිරිය, ගැමුණුපුර පදිංචි  වන අතර ඇයගේ ස්වාමියා ඒ. ජි.එස්.එම්. අමරසූරිය නමැති මින්නේරිය යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන හමුදා සෙබළෙකි.

තම බිරිය වන ගැමුණුපුර පදිංචි එම්. කේ. සෙව්වන්දි ජයරත්න නමැත්තිය පසුගිය මස 18 වන දින විදේශගතව ඇත්තේ ග්‍රාම නිලධාරී වරයා සකසා දුන් ව්‍යාජ ලියවිල්ලක් උපයෝගී කර ගනිමින් බවට ඒ. ජි.එස්.එම්. අමරසූරිය පවසනවා.

ග්‍රාම නිලධාරීවරයා විසින් නිකුත් කරන ලද එම අසත්‍ය වාර්තාව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ විදේශ රැකියා පිලිබඳ නිලධාරීනීය විසින් අනුමත කිරීම බරපතල වරදක් බව ද ඔහු කියා සිටියා.

එම වාර්තාව උපයෝගී කර ගනිමින් සිය බිරිඳ ලංකාවට ගෙන්වා දෙන ලෙසද ග්‍රාම නිලධාරීවරයාට එරෙහිව මැදිරිගිරිය පොලීසියේ C 2 284 / 418පැමිණිල්ලක් දමා ඇතැයි ද සඳහන්.

සිය බිරිඳ ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්තශාලාවක මැෂින් ඔපරේටර් තනතුරට ගොස් ඇති බව තමා දැනගත්තේ නිවාඩු පැමිණි පසු බවත් බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය ප්‍රදෙශීයලේකම්වරයා සඳහන් කර සිටින්නේ ග්‍රාම නිලධාරීවරයා එය අනුමත කර ලබා දුන් නිසා එය අනුමත කල නිලධාරිනිය එම වාර්තාව ලබා දී ඇති බවත්, හමුදා නිලධාරියා පත්ව සිටින අපහසුතාවය පිලිබඳ උපරිම සාධාරණය සිදු කරන බවත් ය.
    

 

news24.lk
News24
sri lanka news 24
24 news