සුදු පාටින් මතු වූ දුර්ලභ සත්වයා

 11/23/2017 - 11:05
173 reads

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි නුවර ගංගාවකදී සුදු පැහැති කිඹුලකු හසුව තිබෙනවා.

'පර්ල්' යනුවෙන් නම් කෙරුණු මෙම කිඹුලා හොඳින් වැඩුණු සත්වයෙකු බවටයි වාර්තා වන්නේ.

මෙම සත්වයා මීටර් 3ක දිගකින් යුතු වන අතර සත්වයා හමු වූ සංචාරකයා විසින් එම කිඹුලාගේ ජායාරුප අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

සිරුරේ ජාන විකෘතිතාවක් හේතුවෙන් කිඹුලා මෙසේ සුදු පැහැයෙන් යුක්ත බවයි සත්ව විද්‍යාඥයින් වාර්තා කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ ගංගා ආශ්‍රිතව ජීවත්වන කිඹුලන් විශාල ප්‍රමාණයක් අළු පැහැයෙන් හෝ කොළ පැහැයෙන් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුඩා කිඹුල් පැටවුන් මෙලෙස අසාමාන්‍ය පැහැයක්  නමුත් සුදු පැහැති කිඹුලකු හමුවීම දුර්ලබ සිද්ධියක් බවත් සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news