මීගමුවේ දැලට හසු වූ කෝටි 02ක මාළුවා මෙන්න

 11/22/2017 - 14:16
757 reads

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන 'බ්ලු ෆින් ටූනා' මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුව තිබෙනවා.

කිලෝ 230ත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපොළ වටිනාකම රු⁣පියල් කෝටි 02ත් ඉක්මවන බව සඳහන්.

මෙම මතස්‍යයා රැගත් බෝට්ටුව පසුගිය 20 වන දා රාත්‍රියේ මීගමුව මංකුලිය ලෙල්ලම වෙත ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව අදහස් දක්වමින් මාළු ව්‍යාපාරිකයෙකු වන සංගීත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බහුලව හසුවන ටූනා මත්ස්‍ය විශේෂය 'යෙලෝ පින් ටූනා' ලෙසින් හදුන්වන අතර 'බ්ලු ෆින් ටූනා' යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවයි.

සමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුණ ද නවසිලන්තය වැනි මුහුදු කලාපයන්හි මේ මත්ස්‍ය විශේෂය බහුලව දැකගත හැකි බවත් සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news