හමුදා භටයින්ට මත්පැන් තහනම්

 11/20/2017 - 15:53
135 reads

ජපානයේ සිටින සියලු අමරිකානු හමුදාභටයන්හට මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

ඒ, ජපානයේ ඔකිනාවා හී සිදුවූ මාරාන්තික රිය අනතුර හේතුවෙනුයි.

ජපානයේ ඔකිනාවා දූපතේදී අමරිකානු නාවික හමුදා භටයෙකු ධාවනය කරන ලද ට්‍රක් රථයක වෑන් රථයක් ගැටී ඊයේ (19) පෙරවරුවේ 61 හැවිරිදි ජපන් ජාතිකයෙක් මිය ගොස් තිබෙනවා.

ට්‍රක් රථය පැදවූ සොල්දාදුවා බීමතින් පසුවූ බව හෙළිවීමත් සමග දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී ඇතැයි සඳහන්.

මේ අතර අමරිකානු සොල්දාදුවන්ට සිය නිවෙස් බලා පිටව යාමද තහනම් කර ඇතැයි වාර්තා වනවා.

ඇමෙරිකානු සොල්දාදුවන් සදහා  මත්පැන් භාවිතය, අවදානම් කළමනාකරණය සහ හැසිරීම ආදිය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීමටද සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news