ගේම්කාරයන්ට ඇබෑර්තු ඇත

 11/20/2017 - 12:54
90 reads

වෘත්තියක් ලෙසට පරිගණක ක්‍රීඩාවක නිරත වීමට ඇත්නම් ඕනෑම අයෙක් කැමතියි.

මේ සදහා ශ්‍රී ලංකාවේ අවස්ථාව නැතත් සිංගප්පූරුව ඉකුත්දා වෘත්තිමය පරිඝණක ක්‍රීඩකයන් පුහුණු කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ අධ්‍යාපනය ආයතනයක් පවා මේ වන විට සිංගප්පුරුවේ ආරම්භ කර ඇති බව සදහන්.  

එහි විශේෂත්වය වන්නේ අධ්‍යාපනය ලබන පිරිසෙන් 40%කම කාන්තාවන් වීමයි.

ආසියානු කලාපයේ පරිඝණක ක්‍රීඩා සදහා වැඩි ප්‍රවණතාවක් නැතත් ගෝලීය පරිඝණක ක්‍රීඩා වෙළදපොළ ඉදිරි වසර 03 තුළ ඩොලර් බිලියන 1.5කින් පමණ වර්ධනය වනු ඇති බවට අපේක්ෂා කරන බැවින් සිංගප්පූරුව මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

news24.lk
News24
sri lanka news 24
24 news