''ඇතිදා සීනි - නැතිදා ගෝනි''

 11/20/2017 - 11:48
180 reads

ජනාධිපති ආර්යාවන්ගේ සුපිරි ජීවිතය ගැන රටට ලෝකයට හෙළිවන්නේ බලය අහිමි වූවාට පසුවයි.

''ඇතිදා සීනි නැතිදා ගෝනි'' කියන්නා සේ සිම්බාබ්වේ ජනපති බිරිය ග්‍රේස් මුගාබේ ගැන BBC අපූරු හෙළිදරව් කිරීම් කිහිපයක් කර ඇත්තේ පසුගියදා සිදුවූ සිදුවීම් සමඟයි.

වාර්තා වන පරිදි ඇය සතුව තිබූ දියමන්ති මුදු 12 ක් සහ මිල අධික පාවහන් තොග ගණනක් හමුදා පාලනය මගින් සොයා ගෙන තිබෙනවා.

ඇය ඇගේ සාප්පු සවාරි වල දී මිලියන ගණන් වියදම් කර ඇති බවත් සඳහන්.

සිය දියණියගේ විවාහ මංගල්‍යයේ වියදම පවුම් මිලියන 03ක් බවත් වාර්තා  වනවා.

ජනපති බිරියගේ රොලෙක්ස් අත් ඔරලෝසුව පවුම් අසූදාහක් වටිනා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් සිටි මන්දිරය කාමර 25 කින් යුතු සුපිරි මැදුරක් බවත් සඳහන් වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news