වසර 17කට පසු ඉන්දියාවෙන් බිහි වූ ලෝක රූ රැජිණ

 11/20/2017 - 09:37
256 reads

වසර 17කට පසුව සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගැනීමට මෙවර ඉන්දියාව සමත්ව තිබෙනවා.

ඒ, මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමයි.

ඉන්දියාවේ හර්යානා හි පදිංචි 20 හැවිරිදි වියේ පසුවන මානුෂි චිලර් මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.

මීට පෙර 2000 වසරේ ලෝක රූ රැජිණ කිරුළ ප්‍රවීණ බොලිවුඩ් සහ හොලිවුඩ් රංගන ශීල්පී ප්‍රියංකා චොප්රා විසින් දිනාගෙන ති බවයි  කරන්නේ.

මෙවර ලෝක රූ රැජිණ කිරුළේ දෙවන ස්ථානය මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට හිමි ව තිබෙනවා.

තෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ එංගලන්තයේ ස්ටෙපනි හිල් විසිනි.

මේ වන විට ඇය හෘද ශල්‍ය වෛද්‍යවරියක් වීමට අධ්‍යාපනය ලබන අතර ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව සඳහන්.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

news24.lk
News24
sri lanka news 24
24 news