සමලිංගික විවාහයකට සුදානම් වන ප්‍රබල කාන්තා ක්‍රිකට් තරුව මෙන්න

 11/19/2017 - 17:04
639 reads

ඕස්ට්‍රේලියාවේ සමලිංගික විවාහා නීතිගත කිරීමත් සමඟම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩාමේ ප්‍රබල තරුවක් කඩිනමින් විවාහා වීමට සූදානම් වන බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට්  කාණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකාවක  වන මෙගන් ස්කෙට් (Megan Schutt) සහ ඇයගේ සමලිංගික යෙහෙළිය වන ජෙස් හෝලියාක් මෙලෙස විවාහා වීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඒ අනුව 24 හැවිරිදි මෙගන් තමන්ගේ දිගු කාලීන සමලිංගික යෙහෙළිය වන ජෙස්ව ඉක්මනින්ම විවාහා කරගන්නා බව ඇගේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් එරට සමලිංගික විවාහා පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සටහන ගැන බොහෝ දෙනාගේ අවධානය ද යොමුව ඇතැයි සඳහන්.

Megan Schutt විසින් සිය ට්විටර් ගිණුමට එක්කරන ලද එම සටහන පහතින්.

news24.lk
News24
sri lanka news 24
24 news