ජපාන දුම්රියක් තත්පර 20ක් කළින් ඇවිත් සමාව ඉල්ලයි

 11/17/2017 - 15:37
254 reads

නියමිත වෙලාවට වඩා තත්පර 20කට පෙරාතුව දුම්රිය පැමිණීමෙන් මගීන්ට යම් අපහසුතාවක් සිදුවීනම් ඊට සමාව අයදින බව ජපාන දුම්රිය සේවාවක් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ දී නම් දුම්රියක් නියමිත වෙලාවට වඩා පෙරාතුව ගමන් අරඹා ඇති බවට අසා නැති වුවත් විනාඩි ගණනක් නොව පැය ගණනක් ප්‍රමාදයන් නම් අනන්තව අසා ඇති.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ  අවිනිශ්චිත බවට ඕන තරම් උදාහරණ ඇති.

මෙරට දුම්රිය පැය ගණන් ප්‍රමාද වුව ද, දුම්රිය පීලි පැන්න ද කිසිදු බලධාරියෙකු සමාව ඉල්ලා ඇති බවක් ඔබ අසා තිබේද?

ජපානයේ තත්ත්වය මීට වඩා වෙනස්ය.

ටෝකියෝ අගනුවර සහ  උතුරු නාගරික ප්‍රදේශය අතර සේවාවක යෙදෙන Tsukuba Express විදුලි දුම්රියක් මෙලෙස නියමිත වේලාවට තත්පර 20කට පෙර Minami Nagareyama දුම්රිය පොලෙන්  පිටත්ව තිබෙනවා.

එම දුම්රිය ස්ථානයෙන් දුම්රියට පිටත්ව යාමට නියමිතව තිබුණේ  9:44:40 ටයි. නමුත් දුම්රිය  9:44:20 ට පිටත්වෙලා.. වෙනස තත්පර 20ක් කළින්.

"අපි අතිශයින් සමාවෙමු" යැයි Tsukuba Express සමාගම පවසයි.

මෙම සිද්ධිය ගැන මගීන්ගෙන්  කිසිදු පැමිණිල්ලක් නොතිබුණු බවත් සමාගම සඳහන් කළා.

බුලට් දුම්රිය ඇතුලු ජපාන දුම්රිය සේවා කාලය පරදා  ඇති බවයි පැවසෙන්නේ.

ජපානය වේලාවට වැඩ කරන ලොව අංක එකේ  ජාතියකි.

ජපනුන්ට තත්පරය ද අතිශය වටින්නේය.

සුළු ප්‍රමාදයකදී  පවා දුම්රිය නිලධාරීන්ගේ සමාව ඉල්ලීම් දක්නට ලැබෙයි.

විශාල මගීන් සංඛ්‍යාවක් සමඟ එම මාර්ගවල කෙටි කාලසීමාවක් තුළ  දුම්රිය වැඩි ගණනක් ධාවනය කෙරෙයි.

news24.lk
News24
sri lanka news 24
24 news
train leaves 20 seconds early