නිහඬවම සමරපු අයිශ්වර්යාගේ උපන්දිනය

 11/15/2017 - 13:17
135 reads

බොලිවුඩයේ සුපිරි තාරුකාව ලෙස තවමත් ප්‍රසිද්ධියක් දිනා සිටින අයිශ්වර්යාගේ උපන්දිනය පසුගිය පළමුවැනිදාට (01) යෙදී තිබුණා.

කාගේත් අවධානය දිනාගත් ඇයගේ උපන්දිනය මෙවර නිහඬවම සමරන්නට ඇය තීරණය කර ඇත්තේ පියාගේ අභාවය නිසා බවයි බොහෝ දෙනෙකු අදහස් පළකර ඇත්තේ.

මෙවර උපන්දිනය සමරමින් ඇය ආගමික වතාවත් වල යෙදීමට සිද්ධිවින්‍යාක් පන්සලට ගොස් ඇත්තේ මව සහ දුව ආරධ්‍යා සමඟයි.

සැමියා අභිෂේක් පන්සල් නොයා ඇය වෙනුවෙන් කුඩා සාදයක් සංවිධානය කර තිබෙනවා.

ඔවුන්ගේ නිවසේ පැවැත්වුණු මෙම සාදයට පවුලේ හිතවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

එයට සහභාගී වූ ඇතැමුන් අයිශ්වර්යාගේ මහතා ගැන විමසා ඇති අතර ඒ ගැන අභිෂේක් බච්චන් ඉන්දීය සඟරාවකට අදහස් දක්වා කියා තිබෙනවා.

'' ඇය අම්මා කෙනෙක් වුණාට පස්සේ රංගන ජීවිතය කියන එක පස්සට ගියා. දැන් ඇය හැමදේම කරන්නේ ආරධ්‍යා වෙනුවෙන්. ඇත්තටම ඇය සුපිරි අම්මා කෙනෙක්. ආරධ්‍යා ඉපදුණාට පස්සේ ඇයගේ සිරුර ගැන මාධ්‍ය මඟින් විවිධ දේ පළකලා. ඒ දේවල් වලින් මමත් අපහසුතාවට පත්වුණා. ඒත් අයිෂ් කිසිම දෙකින් කණගාටුවක් පෙන්වූයේ  නැහැ.ඒ ගැන කාටවත් මුකුත් කිව්වෙත් නැහැ. ව්‍යායාමගාර වල කාලය ගතකරන්න ගියෙත් නැහැ. ඇය ගැන දන්නා අය දන්නවා.''

 

news24.lk
News24
sri lanka news 24
24 news