සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීමට ඕස්ට්‍රේලියානුවන් බහුතරයකගේ ඡන්දය

 11/15/2017 - 12:04
88 reads

ඓතිහාසික ජනමත විචාරණයකදී සමලිංගික විවාහය නීත්‍යානුකූල කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ජාතිකයින් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන  කාර්යාංශයේ වාර්තා අනුව, සමලිංගික විවාහය වැළැක්වීම සඳහා ඡන්දය භාවිතා නොකළ තැපැල් ඡන්ද 61.6% ක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසන්නේ නත්තල් සමයේදී පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායකය සම්මත කිරීමට තම රජය කටයුතු කරන බවයි.

ඒ අනුව ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් විවාහය සඳහා සමානාත්මතාවය ඉල්ලා ඇති අතර ඉන් අති බහුතරයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි ටර්න්බුල් ප්‍රකාශ කර ඇත්තේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news