යාපනය මුහුදුබත් වන බව අනාවැකියෙන් කියු හැටි

 11/14/2017 - 16:36
299 reads

මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහ මුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5කින් පමණ ඉහළ ගොස් තිබෙන බව එම ප්‍රදේශවල ධීවර ජනතාව  ඊයේ (13) දැනුම්දී තිබුණා.

ඔවුන් පවසා තිබුණේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5කින්ද මුලතිව් මුහදේ ජල මට්ටම අඩි 5කින්ද ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අභාවප‍්‍රාප්ත සෙනවි එපිටවත්ත මහතා විසින් 2015 දෙසැම්බර් 31 වන දින ප‍්‍රකාශ කළ අනාවැකියක් ගැන වාර්තා වනවා.

ඒ අනුව යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවටයි ඔහු පවසා තිබුණේ.

දැනට පවතින ජල මට්ටම සෙන්ටිමීටර 50කින් ඉහළ යාමෙන් අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවයි ඒ මහතා එකළ පෙන්වා දී ඇත්තේ.

ඉදිරි වසර 05ක කාළය තුළ යාපනයේ පිරිසිදු පානීය ජලය මුහුදු ජලය සමග මිශ‍්‍ර වෙන අතර ප‍්‍රදේශයේ පවතින හුණුගල් තට්ටු, ජලය සමග දියවී විශාල ඇලි හෑරීමයි එයට හේතුව බවත් කියවෙනවා.

මෙම ගැටලුව ප‍්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා මතුකරන්නේ අර්බුදකාරී තත්වයක්.

මුහුුදු ජලය පිරිසිදු කිරීම හෝ වෙනත් ප‍්‍රදේශවලින් පානීය ජලය යාපනයට බෙදා හැරීම මගින් ඇතිවන තත්වය තරමක් දුරට පාලනය කරගත හැකි බව මහාචාර්ය සෙනවි එපිටවත්ත මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙතුමා මියගොස් මාස 03ක් ගතවීමට මත්තෙන් එම අනාවැකිය ඒ ආකාරයෙන්ම සිදුවීමයි.

news24.lk
News24
sri lanka news 24
24 news