ලෝකයේම අවධානය දිනාගත් ජනපති දියණියගේ මංගල්‍යය ජයටම

 11/13/2017 - 17:20
261 reads

පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූ තම එකම දියණිය වන කියංග් අයූ ගේ මංගල උත්සවය ඉතා ඉහළින් පැවැත්වීමට ඉන්දුනීසියා ජනපති  ජෝකෝ විඩෝඩෝ කටයුතු කර තිබෙනවා.

ඒ, ‘ජවානීස් සම්ප්‍රදායට’ අනුව මුළු ලෝකයේම අවධානය දිනාගනිමිනුයි.

නැටුම් ශිල්පීන් පිරිවරා ගනිමින්, අලංකාර ලෙස සරසන ලද අශ්ව කරත්තවලින් යුත් මංගල පෙරහර සජීවී ලෙස එරට රූපවාහිනියෙන් ද විකාශය ක‍ර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මංගල උත්සවයට ආරාධිත අමුත්තෝ 8,000 ක පිරිසක් පැමිණ සිට ඇති අතර ඔවුන් අතරේ දේශපාලනඥයෝ රැසක් ද වනවා.

නමුත් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන කිසිවකුවත් ඒ අතර නොසිටි බව ඉන්දුනීසියා පුවත් සේවා වාර්තා කරන්නේ.

මංගල දිනයට පෙර, ‘ජවානීස් සම්ප්‍රදායට’ අනුව ජනපති ජෝකෝ විඩෝඩෝ, බිරිය සහ දියණිය චාරිත්‍ර රැසකට ද සහභාගී ව තිබෙනවා.

මංගල පෙරහර පැවැත්වුණේ ජනපති උපන් නගරය ලෙස සැළකෙන 'මධ්‍යම ජාවාහි සෝලෝ' එසේත් නැතිනම් සුරකරාටාහි දීයි.

පා පැදි රික්ෂෝ කරත්ත 50 ක් ද පෙරහරට යොදා ගෙන ඇති අතර 26 හැවිරිදි කියංග් අයූගේ අත ගත් මනාලයා ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරිකයෙක්.

මොහොම්මද් බොබී අෆීෆ් නසුටීන් නමැති ඔහු ‘බටාක්’ නමැති වාර්ගික ජනයාගෙන් කෙනෙක් බවයි සඳහන් වන්නේ.

ඉන්දුනීසියා ජනපති විඩෝඩෝ සහ බිරියට දරුවන් තිදෙනෙකු වන අතර ඒ එක් දියණියක සහ පුතුන් දෙදෙනෙකි.

මෙසේ විවාහ දිවියට ඇතුළත්ව ඇත්තේ දෙවන දියණිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

BBC

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news