අවුරුදු 26ට ප්ලාස්ටික් සැත්කම් 05කට මුහුණ දුන් ෆාරා

 11/13/2017 - 16:03
219 reads

විශාල ප්ලාස්ටික් සැත්කම් ප්‍රමාණයක් සඳහා භාජනය වූ කාන්තාවන් අතර ෆාරා අබ්‍රහ්ම් (farrah abraham) ප්‍රසිද්ධියක් උසුලනවා.

රියැලිටි වැඩසටහන් මාලාවක් හරහා ක්ෂේත්‍රයට පැමිණි ෆාරාගේ වයස මේ වන විට අවුරුදු 26ක්.

ඇය මුලින්ම ප්ලාස්ටික් සැත්කමක් කර ඇත්තේ ඇයගේ ලැම ප්‍රදේශයටයි.

නිරූපණ කලාව තුළ එවැන්නක් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම සැත්කම සඳහා යොමු වූ බවයි ෆාරා පවසන්නේ.

ඉන් පිරිපුන් ළයක් හිමිකරගත් ඇය නොනැවතී තවත් සැත්කමකට යොමුව ඇත්තේ සිය නාසයේ හැඩය වෙනස් කරගනිමිනි.

ඉන් අනතුරුව කම්මුල් වලට සැත්කමක් සිදුකළ ඇය සිරුරේ අනෙක් අවයව වලටත් ප්ලාස්ටික් සැත්කම් කරගෙන තිබෙනවා.

මේ වන විට වැඩිම ප්ලාස්ටික් සැත්කම් ප්‍රමාණයක් සිදු කරගෙන සිටින ඇය නැවතත් සිය ලැම පෙදෙස සැත්කමකට භාජනය කිරීම සඳහා සුදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news