අමුතු ඇල්ලීම අත ඇල්ලුමෙන් පෙනේ

 11/13/2017 - 12:14
86 reads

ඇමෙරිකානු ජනාධිපතිවරයා ද පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ASEAN සමුළුවට සහභාගී වී සිටිනවා.
ඒ ට්‍රම්ප්ගේ ආසියානු රටවල් 5ක සංචාරයේ අවසන් රටේ සංචාරයට එක්වෙමින්.
සමුළුවේ ආරම්භක උත්සවය අවසන් කෙරුනේ නායකයන් ජනපති ඩොනල්ඩ්  ට්‍රම්ප් ද සමගින්  අසාමාන්‍ය  සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්.

ASEAN සමුළුවේ සමූහ ඡායාරූපයට  නායකයන් එක් වුණේ එක පෙළට සිට දෑත් කතිරයක ආකාරයට තබා දෙපස සිටින්නන්ගේ එක අත බැගින් අල්ලා ගනිමින්.

කෙසේ වෙතත් එක පේලියට සිට ගත්  ඇමෙරිකානු ජනාධිපතිවරයාට කළ  යුත්තේ කුමක්දැයි එකවරම වටහා ගන්නට හැකියාව නොලැබුණු බවකුයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොහොම උනත් ටික වෙලාවක් යන විට  අන් අය ලෙසම ට්‍රම්ප් අනුගමනය කළද එලෙස අසාමාන්‍යව සිටීම ඔහුගේ ශරීර සුවතාවට  එතරම් යහපත් නොවූ බවක් පෙනෙයි.

රුසියානු අගමැති Dmitry Medvedev  පමණක් දෑත් දෙපසට විහිදුවා සමූහ ඡායාරූපයට එක්වන්නේ අසාමාන්‍ය ඇල්ලීම ඔහුටද  අපහසු නිසා විය යුතුයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Asia leader
group photo
Russian PM
traditional handshake ceremony