Facebook නිරුවත් ජායාරූප ඉල්ලයි

 11/12/2017 - 15:05
217 reads

විවිධ පුද්ගලයන් අන්තර්ජාලයේ ෆේස්බුක් සඳහා එක් කරනු ලබන තමන්ගේ නිරුවත් හෝ සරාගී පින්තූර තවත් සංවිධානාත්මක කූඨ පුද්ගලයන් විසින් ලබාගෙන අන්තර්ජාලය හරහා ප්‍රචලිත කිරීම වැළැක්වීම සඳහා ෆේස්බුක් සමාගම විශේෂ වැඩපිළිවෙළලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.

මේ සඳහා නියාමක වැඩපිළිවෙළක් ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා විවිධ පුද්ගලයන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් ආයතනය වෙත ලබාදෙන ලෙස ඉල්ලීඹක් කර තිබෙනවා.

මෙලෙස පුද්ගලික නිරුවත් ඡායාරූප තවත් පුද්ගලයන් විසින් පළිගැනීමේ ක්‍රියාවලියක් උදෙසා අපචාරවත් ලෙස අන්තර්ජාලයෙන් පරිහරණය කිරීම ඕස්ට්‍රේලියාව තුළ ඉතාමත් බහුලව සිදු කෙරෙනවා.

ඕස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මෙම හිංසනයට ලක්වන අතර, 53%ක ෆේස්බුක් ගිණුම් හිමියන් මීට මුහුණ දෙනවා.

මෙම හේතුව නිසා නියාමක වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියාව තෝරාගෙන ඇති අතර මේ සඳහා කැමති පුද්ගලයන් තමන්ගේ නිරුවත් ඡායාරූප ලබාදීමෙන් පසුව, එම සේයාරූ විශේෂ ඡායාරූප සැසඳීමේ තාක්ෂණයකට ඇතුළුත් කරනු ලබනවා.

ඉන්පසුව ඔවුන්ගේ නිරුවත් සේයාරුවක් ෆේස්බුක් වෙත ඇතුළත් වුවහොත් එය තවත් පිරිස් අතරෙහි ප්‍රචාරණය වීම වළක්වනු ලබනවා.

එවිට මෙය ෆේස්බුක් ආයතනයට පමණක් හඳුනා ගැනීමට හැකි වන ඩිජිටල් සංකේතයක් බවට පත්වනු ඇති.

මේ සඳහා අවුරුදු 18න් ඉහළ වැඩිහිටියන්ගේ සේයාරූ පමණක් භාවිත කරන අතර ඕස්ට්‍රේලියානු රජයේ සහායද වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news