''මම ලබන අවුරුද්දේ විවාහ වෙනවා'' - කාවිංග පෙරේරා

 11/12/2017 - 12:18
172 reads

ජනප්‍රිය නළුවා සම්මානයෙන් පිදුම් ලබා සිටින කාවිංග පෙරේරා රංගන ක්ෂේත්‍රයේ පමණක් නොව නිවේදන ක්ෂේත්‍රයේ ද නමක් දිනාගත් අයෙක්. තරුණියන්ගේ ආකර්ෂණය නොමදව දිනාගත් ඔහු තනිකඩ දිවියට සමුදෙන්න යන බවයි ආරංචි වුණේ. ඒ තමන් විවාහ වන්නට සුදානමින් සිටින බව සතිඅන්ත පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් පැවසීමත් සමඟයි.

''මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න එපා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. ඉතිං මට කෙනෙක් මුණගැහුනා. ඇය මාව හොඳට තේරුම්ගන්න කෙනෙක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ අම්මා සහ තාත්තා මට ගොඩාක් ආදරෙයි. මං හිතනවා මට ඒ ලැබිච්ච හොඳම දෙයක්.

ඇත්තටම ඒක praposal එකක්. යෝජනාව අරගෙන ආවේ වසන්ත දුක්ගන්නාරාළ. ඉතිං දුකා නිසා තමයි මට ඇයව මුණගැසෙන්නේ. මොකද දුකාගේ ඥාතියෝ නිසා. දැනට දුකා අයියා කිව්වට පස්සේ දුකා මාමා කියලා තමයි කතාකරන්න වෙන්නේ. මම විශ්වාස කරනවා මම කාටවත් වරදක් කරලා නැහැ. ඒ නිසා මට හරි වෙලාවේදී ඇයවත් හම්බවුණා. ඉතිං මේ හැමදේකටම දුකාට ස්තුතියි.''

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news