ට්‍රම්ප් මෙලානියාව දාලා ගිහිල්ලා

 11/12/2017 - 11:00
133 reads

ජනපති ට්‍රම්ප් වියට්නාමය බලා යද්දී, බිරිය මෙලානියා බීජීං නුවර රැඳී සිටි අතර ඇය බීජීං නුවර චීන පාසල් සිසු සිසුවියන් පිරිසක් ද පිරිවරාගෙන බීජීං සත්වෝද්‍යානයේ සංචාරයකට ගොස් තිබෙනවා.

එහිදී සත්වෝද්‍යානයේ පැන්ඩා උද්‍යානය මෙලානියාගේ සිත්ගත් අතර එහි සිටින ‘ගූ ගූ පැන්ඩා' නැරැඹීමට ද ඇය විශේෂ උනන්දුවක් දැක්වා ඇතැයි සඳහන්.

බීජීං සත්වෝද්‍යානයේ සංචාරයෙන් පසු මෙලානියා ලෝක පුදුම අතරට අයත් චීන මහා ප්‍රාකාරය නැරැඹීමට ද ගොස් තිබෙනවා.

සුපුරුදු පරිදි චීන සංචාරය අවසන් කර වියට්නාමය බලා යද්දී, ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් ඒ බව දැනුම් දීමක් ද කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

‘චීන සංචාරය අවසන්. මම වියට්නාම් යනවා. ආර්යාව මෙලානියා මා එක්ක යන්නේ නැහැ. ඇය බීජීං සත්තුවත්ත බලන්නත් චීන මහා ප්‍රාකාරය බලන්නත් යනවා. ඊට පස්සේ ඇලෙස්කාවේ සිටින අපේ හමුදා විරුවන් හමුවන්නත් යනවා’  යැයි එම ට්විටර් පණිවුඩයෙහි සඳහන් වනවා.

news24.lk
News24
sri lanka news 24
24 news