අයියගේ වැඩේට මල්ලි පෙන්නලා

 11/11/2017 - 15:56
88 reads

පාසල් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට වැඩිමහල් සොහොයුරා වෙනුවට පෙනී සිටි බාල සොහොයුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පරීක්ෂණයට පෙනී සිටි අයෙකුයි.

සැකකරුගේ  ලිපි ලේඛණ පරීක්ෂා කිරීමේ දී එම ලේඛණ සිය සහෝදරයාගේ ඒවා බට අනාවරණය වූ පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසල් සඳහා ක්‍රිඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පනාගොඩ යුද හමුදා කඳවුරේ දී මේ දිනවල පැවැත්වෙනවා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news