අයවැයෙන් මත්පැන් මිල වෙනස් වෙද්දී - තානාපතිවරයෙකුගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට මත්පැන් තෑග්ගක්

 11/11/2017 - 10:54
390 reads

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නිවසේ නොසිටි මොහොතක පසුගිය ඉල් පුන් පෝදා  මන්ත්‍රීවරයාට ත්‍යාගයක් වශයෙන් මත්පැන් බෝතලයක් ලැබී තිබෙනවා. මත්පැන් බෝතලය ගෙනැවිත් භාර දී ඇත්තේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා බවයි බුද්ධික පතිරණ මහතා පවසන්නේ.

ඉටි කොළයකින් ඇසුරුම් කරන ලද තෑග්ග බුද්ධික පතිරණ මහතාගේ සොයුරිය භාරගෙන ඇත්තේ එය මත්පැන් බෝතලයක් බව නොදැනයි.

කෙසේ වෙතත් අමුත්තා නිවසින් පිටව ගිය පසු බුද්ධික පතිරණ මහතාගේ සොයුරිය එය විවෘත කර තිබෙනවා.

'මත්පැන් තෑග්ග' ප්‍රතික්ෂේප කර  ලිපියක් සමගින් යළි මත් පැන් බෝතලය  තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාගේ දියණිය ට භාර දුන්  බවද  බුද්ධික පතිරණ  මන්ත්‍රීවරයා FB  හි සටහන් තබා ඇත්තේ එම ලිපිය හා ඡායාරූප ද සමගින්.

දීර්ඝ  විස්තරයක් දැක්වෙන ලිපිය, ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු පාර්ශව රැසකට පිටපත් යවා තිබෙනවා.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Buddika Pathirana
ASP Liyanage
Qatar ambassador