දරුවෙකු සමඟ ශේෂාද්‍රි යළිත් කරළියට

 11/09/2017 - 12:17
596 reads

කාලයක් කලා ක්ෂේත්‍රයේ රැදී සිටි රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.   

නමුත් කාලයත් සමඟ ඇය කළා ක්ෂේත්‍රයෙන් ඉවත්ව ගොස්  තිබෙනවා.

ඊට හේතුව කුමක්දැයි නොදන්නා නමුත් ඇයගේ රංගන හැකියාවටත් සුරූපී පෙනුමටත් ලැබුණු රසික ආකර්ෂණයනම් අඩුවක් වෙලා නෑ.

ශේෂාද්‍රි මෙලෙස කලා ක්ෂේත්‍රයෙන් ඈත් වී සිටීමට හේතුව ඇගේ පුද්ගලික ජීවිතේ ඇති වූ ගැටළුවක් බවයි බොහෝ සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ.
 
ජායාරූපයකට හෝ පෙනී නොසිටි ඇය සිය නිහඬතාවය බිඳිමින් ඇය නැවතත් කරලියට ඇවිත්.

ඒ ඇගේ වැඩිමල් සොහොයුරිය වුණු දිනක්ෂිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පලකර තිබුණු ඡායාරූපයක් නිසා.

පවුලේ සාදයකට එක්වෙමින් ශේෂාද්‍රි පුංචි දරුවෙකුත් අත දරාගෙන සිටින එම ඡායාරූපය ගැන කාගෙත් අවධානය යොමුව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news