පෙට්‍රල් අධිවේගයට කළ හදිය මෙන්න

 11/09/2017 - 11:03
348 reads

පවතින පෙට්‍රල් හිඟය හමුවේ වාහන ගමනාගමනය අඩුවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේද අදායම පහත වැටි ඇති බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.

වෙනත් සාමාන්‍ය දිනයන්ට වඩා එය කැපීපෙනෙන අඩුවීමක් බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ.

එම අදායම් පිළිබඳ සංසන්දනාත්මකව බැලීමේදී අධිවේගී මාර්ගයේ දෛනික අදායම 20%කින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සාමාන්‍යයෙන් දෛනික ආදායම රුපියල් ලක්ෂ 16කට වැඩි වන අතර ඉන්ධන හිඟය පවතින දිනවල දෛනික ආදායම රුපියල් ලක්ෂ 11කටත් අඩු වූ බවයි එම තොරතුරු අනාවරණය කරන්නේ.

මේ අතර දකුණු පළාතේ බොහෝ ඉන්ධන පිරවුම්හල් තුල තෙල් තොග අවසන් වී තිබෙන අතර මේ නිසා එම ප්‍රදේශයන්හී ජනතාව දැඩි අසීරු තාවයන්ට ලක්වී සිටිනවා.

news24.lk
News24
sri lanka news 24
24 news