ගිනිගත් අලි පැටවාගේ සේයාරුව පළමු තැනට

 11/09/2017 - 10:10
631 reads

පළා යමින් සිටින අලි දෙදෙනකුට කලහකාරී පිරිසක් ගිනි තබන ආකාරය දැක්වෙන සේයාරුවක් වනජීවී ඡායාරූප තරගයකින් පළමු ස්ථානයට තේරී පත්ව තිබෙනවා.

නැගෙනගිර ඉන්දියාවේ වැඩිහිටි ඇතින්නියක සහ පැටවෙකු මර බියෙන් පළා යමින් සිටින අතර පැටවා ගින්නට හසුව දැවෙන ආකාරය සිය කැමරා කාචයේ සටහන් කර ගනු ලැබුවේ බිප්ලබ් හස්රා විසින්.

සම්මානය පිළිබඳ නිවේදනය කරමින් 'Sanctuary' නමැති සඟරාව සඳහන් කර තිබුණේ "මෙවැනි නින්දා සහගත ක්‍රියා නිතර සිදුවන" බවයි.

බිප්ලබ් හස්රා සම්මානයට ලක් වූ ඡායාරූපය ගෙන තිබෙන්නේ අලි මිනිස් ගැටුම් බහුල වශයෙන් වාර්තා වන බටහිර බෙංගාලයේදීයි.

ඡායාරූපයේ දැක්වෙන බන්කුරා දිස්ත්‍රික්කයේ සැරිසරමින් සිටි අලි දෙදෙනාට අත්වූ ඉරණම පැහැදිලි නොමැත.

වන අලින්ට මැදිවීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් පිළිබඳ බන්කුරා දිස්ත්‍රික්කයෙන් නිතර වාර්තා BBC පුවත් සේවය  

ඉහත කී සිදුවීම අලි - මිනිස් ගැටුමට අදාළ බව ඡායාරූපය සමග සඟරාව තුළ පළව ඇති සටහන මගින් පැහැදිලි කර  තිබෙනවා.

ඒ අනුව, කෑකෝ ගසමින් අලි දෙදෙනාට පරිභව කළ මිනිස්සු කණ්ඩායමක් ඔවුන් වෙත "තාර බෝල සහ රතිඤ්ඤා" දමා ගසන අවස්ථාවේ බිප්ලබ් හස්රා විසින් එය සිය කැමරා කාචයේ සටහන් කර ගනු ලැබ ඇතැයි එම සටහනේ දැක්වෙන්නේ.

"වියවුලට පත්ව" විලාප නගමින් අලි පැටවා පළාගිය ආකාරය හස්රා සිහිපත් කරන බවත් වාර්තා  වෙයි.

"සියවස් ගණනාවක් මේ උපමහද්වීපයේ සැරිසරපු මේ බුද්ධිමත්,සමාජශීලී සතුන්ට වර්තමානය අපායක්" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ.

අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් අවධානයට ලක්ව ඇති අතර අලිඅතුන්ගේ වාසභූමි මහා පරිමාණයෙන් විනාශ කර දැමීම සහ එම වන සතුන් දරුණු ලෙස අපයෝජනයටත් වධහිංසාවලටත් ලක් කිරීම සම්බන්ධයෙන් ගම්වාසීන් වගකිවයුතු බව බන්කුරා හි වෙසෙන මයිනක් මසුම්දර් පවසන බවයි BBCය වාර්තා කරන්නේ.

එසේම අලිඇතුන් අස්වැනු විනාශ කරමින් ගොවි බිම්වලට අලාභහානි කරන බවත් අලි ප්‍රහාරවලට හසුව "අහිංසක මිනිසුන්" මරණයට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන මරණ නිතර වාර්තා වනවා.

නිල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට අලිඇතුන් 200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වන අතර ඉන් වැඩි දෙනෙකු එවැනි ඉරණමකට ගොදුරු වන්නේ අලි මිනිස් ගැටුම හේතුවෙනුයි.

වන අලින්ගේ ප්‍රහාරයට ලක්ව වසරකට මරණයට පත්වන මිනිසුන් සංඛ්‍යාව 50 ආසන්න ශ්‍රී ලංකාව තුළ, දල වශයෙන් අලිඇතුන් 7,000 ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බවට ගණන් බලා තිබෙනවා.

ඇතැමෙකුට සංවේදී  විය හැකි එම පහත දැක්වෙන ඡායාරූපය පහතින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news