තරබාරු බිරියන්ගේ සැමියන්ට අත්වන දෙයක් හෙළිවේ

 11/08/2017 - 16:36
220 reads

බිරිඳ තරබාරු නම් ඇයගේ සැමියා දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසනවා.

ඒ නිසා දියවැඩියා රෝගය පාලනයට කාන්තාව සතු වගකීම ඉතා ඉහළ බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ.

මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත්තේ ද "දියවැඩියාව, කාන්තාව සහ නිරෝගී අනාගතයක අයිතිවාසිකම්" බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ලංකාවේ ගැබිනි කාන්තාවන්ගෙන් 10%ක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් 15%ක් දියවැඩියා රෝගයට ගොදුරුවීමේ ආසන්න මට්‌ටමේ සිටින බවත් සමීක්‍ෂණ අනුව හෙළිවී ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news