සෝමරත්න දිසානායකගෙන් 'වැඩිහිටියන්ට පමණයි' චිත‍්‍රපටයක්

 10/27/2017 - 12:13
514 reads

ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වූ අන්ඩර් පෑන්ට් තීෆ් (ජංගි හොරා) (Underpants Thief) දකුණු කොරියාවේ බූසාන් අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා තෝරා ගැනුණා.

'අන්ඩර් පෑන්ට් තීෆ්' සෝමරත්නගේ සුපුරුදු සිනමා රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය වූ චිත්‍රපටයක්.
 
මානසික ව්‍යාධියෙන් පෙළෙන වැඩිහිටියකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය මඟින් වැඩිහිටියන්ට පමණක් ප්‍රදර්ශනයට අවසර ලබාදී තිබෙනවා.

පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා, චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරියගෙන්.

සංස්කරණ ශිල්පියා අජිත් රාමනායක.

පි‍්‍රයන්ත කළුආරච්චි ශබ්ද සංකලයෙන් නිර්මාණය වූ මෙහි සහාය අධ්‍යක්ෂණය චාමර චින්තක සේලාරගෙන්.

ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයක්.

විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද හර්ෂණ දිසානායක ගායනයෙන් දායක වූ අන්ඩර් පෑන්ට් තීෆ් රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක්.

news24.lk
News24
sri lanka news 24
24 news
Underpants Thief