පොලිසියට බියේ මිනීපෙට්ටියේ සිටි නගරාධිපති අල්ලයි

252

මියගොස් සිටින බවට පොලිසිය හමුවේ අභිරූපනය කළ නගරාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට පනවා තිබු ඇඳිරි නීතිය උල්ලංඝණය කිරිමේ සිද්ධියක් හේතුවෙන්.

Jamie Rolando Urbina නම් වූ මොහු පේරු රාජ්‍යයේ Tantara නගරාධිපතිවරයායි.

වසංගතය පාලනය සඳහා පේරු රාජ්‍ය විසින් පනවා ඇති ඇඳිරි නිතිය කඩ කරමින් නගරාධිපතිවරයා මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

ඒ සමාජ දුරස්ථභාවය ද කඩ කරමින්.

සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පොලිසිය ඔහු සොයා පැමිණීමේදී නගරාධිපතිවරයා මියගිය තැනැත්තෙකු මෙන් මිනී පෙට්ටියක නිදාගෙන සිට ඇති බවයි වාර්තා වූයේ.

නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගැනුණා.

කොරෝනා වෛරසයේ පාලනය සඳහා පේරු රාජ්‍යය විසින් දින 66ක කාලයක සංචරණ සිමා පනවා තිබෙනවා.

Your Comments